මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

උදෑසන රැස්වීම මෙහෙයවීම

IMG_20220915_082524.jpg
IMG_20220915_082524.jpg

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍ත්‍රීක්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රන්දෙනිය ග්‍රාම සේවක වසමේ මො/රන්දෙනිය කනිෂ්ඨ විද්‍යාලය පිහිටා තිබේ. ආසන්නම ප්‍රධාන නගරය වැල්ලවාය වන අතර එහි සිට කිලෝමීටර 8ක් වල්ලවාය බණ්ඩාරවෙල මාරගයේ පැමිණී රන්දෙනිය හිඟුරුකඩුව මාර්ගයේ මීටර් 500 පැමිණි විට විද්‍යාලය හමුවේ. කිරිඳි ඔය අසබඩ සුන්දර පරිසරයක මෙම විද්‍යාලය පිහිටා තිබේ. වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයට හා වැල්ලවාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් වේ. මෙම ප්‍රදේශයේ ගොවි තැනින් දිවි ගෙවු ගැමි දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා මුලින්ම සම්පූර්ණ කරගෙන තිබෙන්නේ රන්දෙනිය පංසලෙනි. ජන සංඛ්‍යාව වැඩි වීම් සමග පංසලට මෙම කාර්යය සිදු කිරීමට නොහැකි වී තිබේ. එබැවින් ඒවකට ප්‍රදේශයේ ගම් මුලාදෑනි වූ රත්නායක රාළහාමි හා කුලසේකර යන මහත්වරුන් විසින් පාසලට සිදූසු බිම් කොටසක් වෙන් කොට දිග උඩි 50ක් හා පළල අඩි 16කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබේ. 1951. සැප්තැම්බර් 13 වන දින පාසල ආරම්භ කර ඇති අතර දරුවන් 30 ඇතුළත් වී තිබේ.මුල් ගුරුතුමා ලෙස එම්.එම්.බී.වික්‍රමතිලක මහතා කටයුතු කළ බව ලොග් සටහන් පොතේ දක්වා ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1951 සැප්තැම්බර් 13

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

30

මුල් ගුරුතුමාගේ නම

එම්.එම්.බී.වික්‍රමතිලක මහතා

පාසලේ ආදි කතෘගේ නම

රත්නායක රාළහාමි හා කුලසේකර යන මහත්වරුන්

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/රන්දෙනිවෙල කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එම්.එම්.බී.වික්‍රමතිලක මහතා

පාසල පැවැත්වූ ස්ථානය

රන්දෙනිය කිරඳි ඔය අසබඩ හිඟුරුකඩුව මාර්ගයේ