මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

උදෑසන රැස්වීම මෙහෙයවීම

IMG_20220915_082524.jpg
IMG_20220915_082524.jpg

පාසල් පැමිණීම හා නිල ඇදුම්

  • සියලුම සිසුන් දිනපතා පාසල් පැමිණීම අනිවාර්ය වේ.
  • පාසල පෙ.ව.7.30ට ආරම්භ කරන බැවින් සියලුම සිසුන් පෙ.ව. 7වන විට පාසලට පැමිණිය යුතුයි.
  • ශිෂ්‍යයන් කලු මේස් හා කලු සපත්තුවලින් ද ශිෂ්‍යාවන් සුදු මේස් හා සුදු සපත්තු වලින් ද පැමිණිය යුකු ය. ( අපහසුතාවයකි දී සාමාන්‍ය කලු සෙරෙප්පු දැමීමට අවසර ඇත.)
  • ශිෂ්‍යයින් කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය.
  • ශිෂ්‍යාවන් කොන්ඩය කරල් දෙකකට ගොතා කලු රිබන් පටියකින් බැඳ සිටිය යුතු ය.

උදය රැස්වීම

  • සෑම සදුදා හා සිකුරාදා දිනකම ප්‍රධාන රැස්වීම පැවැත් වේ.
  • ජාතික ධජය එසවීම ප්‍රධාන රැස්වීම් දිනයන් හි පමණක් සිදු කෙරේ. අනෙක් දිනයන් හි එය ඔසවා තැබිය යුතු ය.
  • රැස්වීම අතරතුර වෙනත් කටයුතුවල නොයදිය යුතු ය.
  • එදිනට නියමිත සිසුන් රැස්වීම මෙහෙය වීම කළයුතු අතර භාර දී ඇති සිසුන් මල්පහන් සූදානම් කළ යුතු ය.

සීනුව නාද වීම

  • සියලුම දෙනා අවනත විය යුතු ය.
  • පෙරවරු 7.20 ට නාද කරන සීනුවට සියලු වැඩ අවසන් කළ යුත ය.
  • පෙරවරු 7.25ට නාද කරන සීනුවට සිසුන් පන්ති යා යුතු ය.
  • පෙරවරු 7.30ට නාද කරන සීනුවට සිසුන් රැස්වීම පැවැත්වෙන ස්ථානයට පේළියට යා යුකු ය.
  • පළමු කාලච්ජේදයට සීනුව පෙරවරු 7.45ට නාද කරන අතර එතැන් පටන් මිනිත්තු 40න් 40ට කාලච්ජේදය සදහා සීනුව නාද කරනු ලැබේ.
  • විවේක කාලය සදහා පෙරවරු 10.30ට සිනුව නාද කරන අතර පෙරැවරු 10.50ට විවේක කාලය අවසන් වේ.
  • පාසල නිම වීම සදහා පස්වරු 1.20ට පළමුව සීනුව නාද කරන අතර ඡත්තමානවක ගාථා ගායනා කිරීම සදහා දෙවන සීනුව පස්වරු 1.25ට නාද වේ.
  • 1.30 ට නාද වන සීනුවට පාසල නිමවන අතර පේළි සැදී පිටව යා යුතු ය.

අවේලාවේ රැදී සිටීම හා ගැවසීම

  • පාසල් කාලයේ විවේකය තුළ හැර අන් කිසිම අවස්ථාවක අවසරයකින් තොරව පාසල තුළ තැන තැන ගැවසීම හෝ සංචාරය කිරීම තහනම් වේ.
  • පාසල නිවාඩු දිනයන් හි සහ පාසල නිමවීමෙන් අනතුරුව අවේලාවන්හි පාසල තුළ රැදී සිටීම හෝ ගැවසීම සපුරා තහනම්.‍
  • යම් සිසුවෙක් හෝ පුද්ගලයෙක් අවසරයකින් තොරව පාසල තුළ ගැවසීමෙන් හෝ රැදී සිටීමෙන් පාසලේ නැතිවන සියලු බඩු බාහිරාදියට සැකකරුවෙකුවන බව තරයේ සිහි තබා ගත යුතු ය.

ඉගෙනුම් කාලය තුළ

  • සෑම කාලච්ජේදයක් සදහාම නියමිත ගුරුවරුන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම පන්ති නායකයින්ගේ වගකීමයි.
  • යම් ගුරු භවතෙකු නොපමිණියේ නම් පමණක් ඊට අතිරේක ගුරු භවතෙකු යොදවා ගැනීමට කටයුතු කරන්න.
  • පසුවන සෑම කාලයක් ම රන් හා සමානව සිතමින් නිකරුණේ සිටීමෙන් වැළකී ඉගෙනුම් කාර්යයක යෙදීමට වගබලා ගන්න.