මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

මො/රන්දෙණිවෙල කනිෂ්ඨ විද්‍යාලය

උදෑසන රැස්වීම මෙහෙයවීම

IMG_20220915_082524.jpg
IMG_20220915_082524.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.ඒ්.නදීකා මල්කාන්ති

තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 21වන සියවසේ ප්‍රබලතම මාධ්‍යය වන නව මාධ්‍යය නිර්මාණය විය. එමඟින් අද්‍යතන සමාජය තොරතුරු පදනම් කරගත් සන්නිවේදන ප්‍රවාහයකට අවතීර්ණ වී ඇත.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේද සහ ජන සන්නිවේදනය අතික්‍රමණය කරමින්, මානව සමාජය  ඩිජිටල් ලෝකයක් අත්පත් කරගෙන ඇත. එහිද නවීන තාක්ෂණය යාවත්කාලීන කරමින් කෘතිම බුද්ධිය පදනම් කරගත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ලෝකයෙහි දියුණුව දකිමින් පවති. එමගින් සමාජයෙහි සියලුම අංශ නි‍යොජනය වන අතර නූතන අධ්‍යාපනයද ඩිජිටල් කරණය වී තිබේ. නවීන තාක්ෂණය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලින් සදහා භාවිත කරන අතර එය අධ්‍යාපනයෙහි උන්නතිය සදහා මහගු පිටුවහලකි. අන්තර්ජාලය ඒ සදහා කදිම නිදසුනයි.

මෙතෙක් පන්ති කාමරයට පමණක් සීමාවී තිබූ පාසල් අධ්‍යාපනය අද පරිගණක හා අන්තර්ජාලය නිසා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් සිදුයී ඇත. මෙහිදී සාම්ප්‍රදායික පන්ති කාමරයේදී සිදුවන කාල සටහනකට අනුව පාඩම් තීරණය වීම, දැනුම සීමා වීම, අමතර කරුණු සොයා ගැනීමට ඇති දුෂ්කරතාවය මගහැරී නවමු ඵලදායී අධ්‍යාපන රටාවක් මෙම අන්තර්ජාලය තුළින් බිහිවී ඇත.

අප පාසලේ දුවා දරුවන්ට මෙන්ම සමස්ථ දැයේ දුවා දරුවන් සදහා මෙම වෙබ් අඩවිය මහගු අවස්තාවක් වේවායි පතමි.

 

එච්.ඒ්.නදීකා මල්කාන්ති
නියෝජ්‍ය විදුහල්පති
මො/රන්දෙනිවෙල කනිෂ්ඨ විද්‍යාලය.